idrx. i¾ kï Tyq''''æ
උසස් පෙළින් පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථකව අවසන් කර කැලණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර මනා අත්දැකීම් ලද්දෙකි. එලෙස ලද අසමසම අත්දැකීම් සමග පූර්ණ සුදුසුකම් සහිත ගුරුවරයෙක් ලෙස උපකාරක පන්ති ක්ෂේත්‍රයට සාරංග සර්ගේ පැමිණීම මහත් වූ අභිමානයකි.
සෑම වසරකදීම විශාල දූ දරුවන් පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ වලට ඇතුළු වන පරිදි දැනුම ලබා දී විශිෂ්ට ප්‍රතිඵල දරුවන්ට ලබාදෙන ගුරුවරයෙකු ලෙස තමන්ගේ ස්ථාවරත්වය තහවුරු කර ඇත. 2013 වසරේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය තම පන්තියෙන් නිර්මාණය කළ මෙම පරමාදර්ශී ගුරු භූමිකාව මෙවර (2017) රත්නපුරයේ ගණිත අංශයෙන් හොඳම ප්‍රතිඵලය එනම් දිස්ත්‍රික් ප්‍රථමයා මෙන්ම දිවයිනේ 7 වන ස්ථානය තම පන්තියෙන් නිර්මාණය කළේ තමන්ගේ විශිෂ්ටත්වය තව තවත් තහවුරු කරමිනි.
භෞතික විද්‍යාව වැනි සංකීර්ණ සිද්ධාන්ත ඇතුළත් විෂයකට මෙලෙස විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන ගුරුවරයෙකුගේ ඉගැන්වීම් රටාවට අභියෝග කළ හැක්කේ කා හටද? නිසිකලට විෂය නිර්දේශය ආවරණය කිරීම, මුල සිටම ආදර්ශ විභාග පැවැත්වීම තුළින් භෞතික විද්‍යා විෂයට ඔබව දක්ෂයෙකු නොව අතිදක්ෂයෙකු කිරීමේ එකම වැඩ සටහන ඔහු සතුවේ.